රංගනගෙන් ලෝක වාර්තාවක්

Sharing is caring!

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේහිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ 08දා විශිෂ්ට පන්දු යැවීමට නිතර වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් Rangana Herath කඩුලු 05ක් බිඳලීමට සමත්වූ අතර, පන්දුවාර 26කදී ඔහු වැයකළේ ලකුණු 89ක් පමණි.

හේරත් දවාගත් මෙම කඩුලු පහත් සමගින් ඔහු ලොව ටෙස්ට් ක්‍රීඩාකරන සෑම රටකටම එරෙහිව කඩුලු 05 බැගින් බිඳහෙලා ඇති අතර, එවැනි දස්කමක් දැක්වූ ලොව තෙවැනි පන්දු යවන්නා ලෙස ක්‍රිකට් වාර්තා අතරට එක්විමට ඔහුට හැකිවිය. මෙම දස්කම මීට පෙර දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටෙන් පමණක් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *