යහපාලන TOP 10 තුන්වැනියා

Sharing is caring!

ඒකාබද්ද විපක්‍ෂය විසින් ‘යහපාලන ටොප් ටෙන්’ වැඩසටහන යටතේ ගොනු කරනු ලැබූ තුන්වන පැමිණිල්ල ඊයේ දිනයේ ඇමති මලික් සමරවික‍්‍රමට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවට බාර දෙනු ලැබීය.

මහපොළ භාරකාර අරමුදල යටතේ තිබූ රුපියල් බිලියනයක මුදලක් සමරවික්‍රම ඇමතිවරයා විසින් වංචා කර ඇති බව පැමිණිල්ලේ දැක්වෙයි.

මෙම ‘යහපාලන ටොප් ටෙන්’ ලයිස්තුව පිලිබද පැමිණිලි මීට පෙර ගොනු කරනු ලැබ තිබුණද අද වන විටත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා කියා සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *