ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්ත වේ

Sharing is caring!

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්ත වී තිබේ.
ඇයගේ මියයාම පිළිබඳව ඇය ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දියාවේ ඇපලෝ රෝහල තහවුරු කර ඇත.
හදිසි හෘද රෝගයකට ලක් වූ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය පෙරේදා රාත්‍රී රෝහල් ගත කෙරුණු අතර ඊයේ පස්වරුවේ සිටම ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව වාර්තා විය.
68 හැවිරිදි වියේ පසුවු ජයලලිතා ජයරාම් අවස්ථා හතරකදී තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත.
රංගන ශිල්පිණියක් ලෙස ද ජයලලිතා ජයරාම් චිත්‍රපට 140කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.
1982 වසරේ දී  ඕල්ඩ් ඉන්දියා  අන්නා ද්‍රවිඩ මුණ්නේත්‍රම් කහගම් පක්ෂ හෙවත් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයෙන් ඇය දේශපාලනයට පිවිසියාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *