ජයලලිතාගේ මරණය ගැන මදුරාසි අධිකරණයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් – ජයලලිතා මරලා ?

Sharing is caring!

ජයලලිතා ජයරාම්ගේ මරණය පිළිබඳ සැකයක්‌ පවතින බවත් මේ ගැන සොයා බැලිය යුතු බවත් මදුරාසි මහාධිකරණය විසින් ප්‍රකාශ කර තිබේ.
ජයලලිතාගේ මරණය සැක සහිත බැවින් ඒ ගැන පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු යෑයි ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලූ මදුරාසි මහාධිකරණයේ විනිසුරු වෛද්‍යලිංගම් ප්‍රකාශ කර ඇත්තේ තමාටත් පෞද්ගලිකව මේ ගැන සැකයක්‌ ඇති බවයි.
ජයලලිතා මහ ඇමැතිනියගේ මරණයෙන් පසුව හෝ සත්‍යය හෙළිකළ යුතු බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර තිබේ.
ජනමාධ්‍ය පවා මේ මරණය ගැන සැකසංකා පළ කළ බව විනිසුරුවරයා ඊයේ (29 දා) පැවැති පෙත්සම් විභාගයේදී ප්‍රකාශ කර ඇත.
මේ අතර ජයලලිතාගෙන් හිස්‌වූ අන්නා ඩී. එම්. කේ. පක්‍ෂයේ මහ ලේකම් ධුරයට සශිකලා පත්කර ඇත. ඇගේ පත්වීම එම පක්‍ෂයේ විධායක මණ්‌ඩලය ඒකමතිකව අනුමතකර ඇත.
සශිකලා පදිංචි නිවසට ගිය තමිල්නාඩු මහ ඇමැති පනීර සෙල්වම් ඒ බව දන්වා තිබේ.
තමිල්නාඩු ජනතාව ශශිකලා හඳුන්වන්නේ ‘චිත්තම්මා’ හෙවත් පුංචි අම්මා ලෙසයි.
ජයලලිතා හැඳින්වූයේ අම්මා ලෙසය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *