ට්‍රම්ප්ගේ දුවට ප්ලේන් එකේ සද්ද දැමූ පුද්ගලයෙකුව ආමි එකෙන් ඇවිත් අරන් ගිය හැටි

ඇමෙරිකානු නව ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමල් දියණිය ඉවන්කා නිව්යොර්ක් නුවර සිට හවායි දූපත් වෙත වසර අවසාන නිවාඩුව සමරන්නට ගුවන් යානයකින් ගමන් ගන්නට සූදානම්ව සිටියදී ඇය අසළසිටි මගියෙකු ඇයව දැඩි දෝෂ දර්ශනයට ලක්කිරීම නිසා ගුවන් යානය තුළ කළබලයක් හටගෙන තිබෙනවා.

සැමියා හා දරු තිදෙනා සමග ඉවන්කා ඇමරිකාවේ අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන ජෙට් බ්ලූ සමාගමේ යානයක සාමාන්‍ය පන්තියේ ටිකට් පත් රැගෙන යන්නට යානයට ගොඩවූ විට ජනාධිපති දියණිය දැක මගියා පුදුමයට පත්ව ඇයට මුලින්ම කථා කර තිබෙනවා.

‘ආ ඔයා ඇමරිකාවේ ජනාධිපතිගෙ දුව නේද..මොකටද සාමාන්‍ය පන්තියේ ගමන් කරන්නේ.. ‘යයි අසමින් සුහදව කථාව ඇරඹූ ඔහු පසුව ට්‍රම්ප්ව දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ඇයට බැණවැදී ඇත. ‘ඩොනල්ඩ් ට්‍රම්ප් ආවම අමෙරිකාව විනාශ වේවි. ඔය ගොල්ලො අපට රටක් ඉතුරු කරන එකක් නෑ..රුසියාව හොර ඡන්දත් අරන් දුන්නා නේද..‘ ආදී ලෙස දිගින් දිගටම කෑගසමින් බැණවැදී ඇත.

එම අවස්ථාවේ ගුවන් යානා කාර්ය මණ්ඩලය එම පුද්ගලයාගේ ස්ථානය වෙනස් කර ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. බැණ වැදුණ පුද්ගලයා තවත් දරුවෙකු සමග සිටි බවත් ඔහු දැඩි හිලරිවාදියෙකු බවත් හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *