අම්මා සහ අත්තම්මා බලා සිටියදී සිමෙන්ති ලොරියට යටවූ දරුවා

Sharing is caring!

මාර්ගය හරහා දිවගිය සය හැවිරිදි පිරිමි දරුවකු වේගයෙන් පැමිණි සිමෙන්ති පිරවූ විශාල ට්‍රක් රථයක ගැටී අනූනවයෙන් දිවිගලවා ගැනීමේ පුවතක් දික්වැල්ල බතීගම බටහිර ප්‍රදේශයෙන් වාර්තා වනවා. තංගල්ල නගරයේ පාසලකට පළමු වසරට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව හා අත්තම්මා සමඟ බසයෙන් පැමිණ වලව්ව හන්දියේ බැසීමෙන් අනතුරුව දරුවා මවගේ අතින් මිදී මාර්ගය හරහා දිවගොස් ඇති බවයි දික්වැල්ල පොලිසිය පවසන්නේ.

පියමජ නෙත්සර නමැති මෙම දරුවා මාතර දෙසින් පැමිණි ට්‍රක් රථයේ තිබෙනවා. අනතුරත් සමඟ ට්‍රක් රථයේ යට සිටි දරුවා මව විසින් එම රථය යටට රිංගා පිටතට ගෙන පළමුව දික්වැල්ල රජයේ රෝහලටද, අනතුරුව මාතර මහ රෝහලටද ඇතුළත් කර ඇත. දරුවාට සුළු තුවාල පමණක් සිදුවී ඇති අතර අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ පරීක්‍ෂණද පැවැත්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිමෙන්ති ට්‍රක් රථයේ රියැදුරා පවසා ඇත්තේ “කොළඹ සිට ලොරියෙන් හම්බන්තොට දක්වා සිමෙන්ති රැගෙන යනවා. මම තරමක වේගයෙන් එන විට දරුවා එක්වරම පාර හරහා පැනලා මම ආපු මංතීරුව මැදට ඇවිල්ලා නැවතුණා. දරුවා පනිනවාත් සමඟම හැකි වෙර යොදා තිරිංග තද කළා. රථයේ වේගය කිලෝමීටර් 5 දක්වා අඩු වුණා. බේරගන්න කොපමණ උත්සාහ කළත් දරුවා ලොරියේ ගැටුණා.“ යනුවෙනි.

පෙරේදා (04) සිදුවූ මෙම අනතුර හේතුවෙන් රියැදුරා පොලිස් අත්අඩංගුවට පතවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *