ශබ්දයට වඩා වේගයෙන් යා හැකි මගී ගුවන් යානයක් මේ වසරේදී

ප්‍රංශය සහ බ්‍රිතාන්‍යනයන් එක්ව 1969දී නිපදවා 1976දී ගුවන් ගමන් ඇරැඹූ කොන්කෝඩ් යානය ශබ්දයේ වේගය ඉක්මවා ගිය ප්‍රථම මගී ගුවන් යානයයි. එම ගුවන් යානාවල නවතම නිෂ්පාදනය ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයේ පිහිටා ඇති බූම් ටෙක්නොලිජීස් නම් වූ ගුවන් යානා සමාගමක් Super Sonic Jamboo – Jet the XB- 1 Super Sonic Demonstrator නමින් ගුවන් යානයක් ශබ්දයට වඩා අධික වේගයෙන් යා හැකි ලෙස නිපදව තිබෙනවා.

එම ගුවන් යානය පැයට කිලෝ මීටර් 2,333ක වේගයක්, එනම් ශබ්දයේ වේගය මෙන් දෙගුණයක පියාසර වේගයකින් ගමන් කළ හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.එම යානය මගින් මේ වසරේ අවසානයේ මගීන් 45ක් සමඟ ගුවනින් ගෙන යාමට හැකි ලෙස සකස් කිරීමට බලාපොරොත්තුවන බවයි එම සමාගම සඳහන් කරලා තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *