ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමක් දැන් වාර්තා වනවා. රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1172 යි ශත 20 ක් ලෙසයි. රන් මිල මෙලෙස මාසයකින් ඉහළම අගය සටහන් කළේ ඇමරිකානු රැකියා දත්ත මුදා හැරීමට පෙරාතුවයි. එම දත්ත ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාතික ඉහළ නැංවීම සඳහා ඍජුව යොදා ගැනෙනවා. ලෝකයේ විශාලතම රන් පාරිභෝගිකයෙකු වන ඉන්දියාවේ රන් මිල ද සති අන්තය වනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණා.මුම්බායි වෙළඳපොලේ රන් ග්‍රෑම් 10 ක මිල සති අන්තයේදී සටහන්වූයේ රුපියල් 28,350 ක් ලෙසයි.ශ්‍රී ලංකාවේ කැරට් 22 රන් පවුමක මිල දැන් සටහන් වන්නේ රුපියල් 41,600 ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *