වේන් පානෙල් දකුණු අප්‍රිකානු කණ්ඩායමට

Sharing is caring!

ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තුන්වන ටෙස්ට් තරගය සදහා වේග පන්දු යවන ක්‍රීඩක වේන් පානෙල් දකුණු අප්‍රිකානු කණ්ඩායමට නම් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව පැවත්වෙන තරගාවලියේ පළමු තරග දෙක සදහා ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ඇබර්ට් වෙනුවටයි.දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11 කට ක්‍රීඩා කර ඇති ඇබර්ට් ශ්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් තරගයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කලා.ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවත්වෙන තුන්වන ටෙස්ට් තරගය මේ මස 12 වනදා ජොහැන්නස්බර්ග් හිදි ආරම්භ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *