Good bye yahoo..

ලෝක ප්‍රසිද්ධ Yahoo සමාගම සහ Verizon අතර ගණුදෙනුව අවසන් වී ඇති බවට මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ සමඟම Yahoo සමාගමේ නිමාවද සිදුවනු ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් Yahoo සමාගම තවදුරටත් වෙනස් නමකින් ඉදිරියට පවතිනු ඇති බවටද වාර්තා වනවා. ඒ Altaba නමින්. කෙසේ වෙතත් මේ වනවිට වාර්තාවන්නේ Yahoo සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Marissa Mayer ද එම තනතුරින් ඉවත්වී ඇති බවයි. මේ අතර ඉදිරියේදී ඇය Verizon සමඟ එකතුවීමට නියමිත බවද එම වාර්තා පෙන්වා දෙනවා. අදාල සිදුවීම් සම්බන්ධයෙන් හෝ තම ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ වන විටත් Yahoo කිසිදු නිළ ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂතාවයක් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *