පරිපූරක වෛද්‍ය බලමණ්ඩලය අද සංකේත වැඩවර්ජනයක්

අද(29) දින පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි සභාපති අජිත් පී තිලකරත්න මහතා පැවසුවේ අද (29)උදෑසන 8.00 සිට හෙට දින උදෑසන 8.00 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවය. කෙසේවෙතත් හදිසි හා අත්‍යවශ්‍ය  සේවාවන් පවත්වාගෙන යන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, ද Read More

Read more

රවි රාජ් ඝාතන නඩුව – සැකකරුවන් සිටින තැන සොයන්න සී.අයි.ඩී යට බාරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජුනි මස 19 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ. මියගිය රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් පෙත්සම ඉදිරිපත් කර තිබු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි. පෙත්සම අද කැඳවු අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ අදාළ නඩුවෙන් නිදොස් Read More

Read more

වසර දෙකක් තුළ බැඳුම්කරවලින් ශුද්ධ විදේශීය ගලායාම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 27.8 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර 2016 වසර තුළ එහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 19.1 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. එය ද්විතීයික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4.9 ක ශුද්ධ ලැබීමකින් සහ ප්‍රාථමික Read More

Read more

බ්‍රිතාන්‍ය මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසිය සොරා ගනී

කෞතුකාගාරයක තැන්පත් කර තිබු බ්‍රිතාන්‍ය මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කර තිබේ. ජර්මනියේ  බර්ලින් නුවර පිහිටා තිබු “බොඩි“කෞතුකාගාරයෙන් එම රන් කාසිය සොරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ රන්කාසිය ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුතු වන අතර එය කැරට් විසි හතරේ රත්‍රංවලින් නිමවා ඇති බව සඳහන් වෙයි. එම කාසියේ බර කිලෝග්‍රෑම් 100ක් වන Read More

Read more

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන තරඟය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (28) පැවැත් වීමට නියමිතයි. රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී දිවා රාත්‍රී තරඟයක් ලෙස තරඟය පැවැත් වෙයි. තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායම එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසු වෙයි. අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක් සිදුකිරිමට නියමිත බව Read More

Read more

ආණ්ඩුව ගෙදර යවන්න මහා සංඝයා එක් වෙන ලකුණු

ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස හැසිරෙන වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා භික්ෂූන් වහන්සේලා සියලු දෙනා විවිධ මතවාදයන් පසෙකලා එකාවන්ව එක් වෙන බව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරත්න හිමියන් පවසයි. අද (27) දින අභයාරාමයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේ ය. ආණ්ඩුව මෙලෙස ඒකාධිපති ලෙස ජනතාව බිය ගන්වමින් හැසිරෙන්නේ ජාතික සංවිධානයක් Read More

Read more

විරෝධතා සඳහා පමණක් නොව සංවර්ධනය ඉල්ලාත් පාරට බැසිය යුතුයි

විරෝධතා සඳහා පමණක් නොව සංවර්ධනය ඉල්ලාත් පාරට බැසිය යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කර සිටියේ අද(27) දින කඩුවෙල නගර සංවර්ධන සැලසුම පිළිබඳව දැනුවත් කිරීමේ හමුවකට සහභාගී වෙමිනි. මෙම හමුව අතුරුගිරිය නගරයේදී පැවැත්වුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කඩුවෙල ක‍්‍රමක් ක‍්‍රමයෙන් සංවර්ධනය වුවත් පාරේ විශාල Read More

Read more

දර්ෂක් නෞකාව දිවයිනට එයි

ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. ඉන්දීය නාවික හමුදාවේ දර්ෂක් නෞකාව පුහුණු සංචාරයක් සඳහා දිවයිනට පැමිණ  ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය. දිවයිනට පැමිණිමෙන් අනතුරුව දර්ෂක් නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් පියුෂ් ෆවුසි මහතා බටහිර නාවික විධාන  මුලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහඳ සාකච්ඡාවක නිරතව තිබේ. නෞකාව Read More

Read more

පාසල් සිසුන්ගේ විනය ගැන සතුටුවිය නොහැකියි

මෙරට පාසල් දරුවන්ගේ විනය පිළිබඳ සතුටුවිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය දින කිහිපයේදී ඇති වූ සිද්ධින් මඟින් දරුවන්ගේ විනය පිළිබඳ වැඩිහිටියන්ගේ අවධානය යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. රත්නපුර, ෆර්ගසන් උසස් විද්‍යාලයට වසර 100ක් සපිරිම නිමිත්තෙන් අද (27)පැවැති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

Read more

දේශපාලන පක්ෂ අතර අර්බුදයක් ආවොත් ජනපති පාර්ශවයට සහය වෙනවා

වත්මන් ආණ්ඩුව තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර අර්බුධයක් මතු වුවහොත් තම කණ්ඩායමේ සහය ජනාධිපතිවරයාගේ පාර්ශවයට ලබා දෙන බව ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ ප්‍රධාන  ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. සමාජවාදී ජනතා පෙරමුණ අද(27) සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සමඟ එක්වීමෙන් නැවතත් වරදක් Read More

Read more