මැතිවරණ ක්‍රමය සංශෝධනය කාලෝචිත පියවරක්

මැතිවරණ ක්‍රමය සංශෝධනය කාලෝචිත පියවරක් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරු මහතා පවසයි. ඔහු පවසන්නේ මනාප ක්‍රමය අහෝසි කිරීම පමණක් නොව මැතිවරණ සඳහා අපේක්ෂිකයින් සිදුකරන වියදම් සම්බන්ධයෙන් ද නියාමනයක් ඇති කළ යුතු බවය. මාතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Read more

ආර්ථිකය සම්බන්ධයෙන් නව තීරණ ගැනීමේ කාලය එළඹිලා

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නව තීරණ ගැනීමේ කාලය එළඹ ඇති බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පවසයි. සාම්ප්‍රදායික ආදායම් ඉපැයීමේ ක්‍රමය පමණක් රටේ සංවර්ධනයට ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වාදෙයි.  රටේ සම්පත් විකුණා දැමීම මඟින් රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය කළ නොහැකි බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

විදුලි ගාස්තු වැඩිකිරීම ගැන තීරණයක් අරන් නෑ

විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පවසන්නේ විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ඉදිරියේදී ද අපේක්ෂා නොකරන බවය.  ජලාශවල ජල මට්ටම අඩුවුව ද අඛන්ඩව විදුලි සැපයීම ලබාදීම සඳහා වැඩි පිරිවැයක් යටතේ වුව ද විදුලිය ලබාදීමට කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Read more

වෙරළාසන්න ඉදිකිරීම් සඳහා නව ක්‍රමවේදයක්

වෙරළාසන්න ඉදිකිරීම් සඳහා නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අපේක්ෂා කරන බව  වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ වෙරළ සංරක්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවය. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අදාළ පාර්ශව සමඟ පැවැත්වෙන බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

Read more

ජනාධිපති පරිසර සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි

ජනාධිපති පරිසර සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලාල් ධමර්සිරි මහතා පවසයි. ඔහු පවසන්නේ පරිසරයට අදාළ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම සම්මාන උළෙල සංවිධානය කෙරෙන බවය

Read more

ප්‍රවේශපත් නිකුත් නොකරන පෞද්ගලික බස් රථ වැටලීම් සාර්ථකයි

පෞද්ගලික මගී බස් රථවල ප්‍රවේශපත් නිකුත් නොකරන බස් රථ සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් සාර්ථක වී ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. එහි සභාපති තුසිත කුලරත්න මහතා පවසන්නේ මෙම වැටලීම් හේතුවෙන් බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථවල ප්‍රවේශපතු නිකුත් කිරීමේ ප්‍රවනතාව කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇති බවය

Read more

විල්පත්තු ගැටළුව ගැන ජාතිවාදි කෝණයෙන් නොබැලිය යුතුයි

විල්පත්තු ජාතික වනෝද්‍යානය පිළිබඳ මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් ජාතිවාදි කෝණයෙන් නොබැලිය යුතු බව බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. වව්නියාව දිස්ත්‍රීක් මහ රෝහලේ පැවැති  උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ලබා දෙන ඕනෑම අමාත්‍යාංශයක කටයුතු කිරීමට තමන් සූදානම් බව රාජිත සේනාරත්න Read More

Read more

දෙතැනක මරණ 2ක්

දඹුල්ල – කැකිරාව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. මෝටර් රථයක්, පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් බරපතල තුවාල ලැබූ අදාළ කාන්තාව අනුරාධපුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ ඉහළවත්ත, මඩාටුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 47 Read More

Read more

ඒ.එච්.වන්.එන්.වන් පාලනයට අවශ්‍ය පියවර ගන්න

දැනට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන ඒ.එච්.වන්.එන්.වන් රෝගී තත්ත්වය පාලනය කිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස වෘත්තිය සමිති රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් මෙම රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ හෙදියන්  භාවිත කරන එන් නයින්ටි ෆයු නැමැති ආරක්ෂිත මුඛ ආවර්ණ ද මෙරට තුළ ප්‍රමාණාත්මකව නොමැති බව වෘත්තිය සමිති පවසයි. මේ අතර මධ්‍යම පළාත Read More

Read more

මහනායක හිමිගේ ආදාහන පූජෝත්සවය 6දා

අපවත්වී වදාල ශ්‍රී ලංකා අමරපුර සාමග්‍රි මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්‍ර මහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥානිස්සර මහානාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන බ්‍රහස්පතින්දා (06) සිදු කිරීමට තීරණය කර තිබේ. ආදාහන පූජෝත්සවයට අදාළ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ආදාහන පූජෝත්සවය කොළඹ Read More

Read more