පහර දීමයි අපේ රජයයි අතර සම්බන්ධතාවක් නෑ

කීත් නොයර් මාධ්‍යවේදියා හට පහරදීම හා සිය රජය අතර සම්බන්ධතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ මීට පෙරද මාධ්‍යවේදීන්හට කරදර සිදුවූ අවස්ථාවන් ඇතත් ඒ සඳහා වගකීමක් සිය රජයට නොමැති බවය. රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේය.

Read more

සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව මනූෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ අර්ථවත් නොවන ක්‍රියා මඟින් පාලන බලය වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවය. ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරනුයේ ජනතාව විසින් බව මනූෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

Read more

නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට කටයුතු කරනවා

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල ගැටළුවක් බවට පත්ව ඇති නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පවසන්නේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ශල්‍යකර්ම බොහොමයක් ප්‍රමාද වන බවය. මේ නිසා ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බව ජනාධිපතිවරයා පවසයි. ඊයේ(24) පස්වරුවේ පැවති සාර්ක් කලාපීය රට වල නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමයේ 12 වෙනි මහා Read More

Read more

ව්‍යාජ ලිපි සකසා මුදල් වංචා කළ 2ක් මාට්ටු

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ ලෙස ඉඩම් ඔප්පුවක් සැකසීම මඟින් අදාළ වංචාව සිදුකර ඇති බව සඳහන්වේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ සපුගස්කන්ද හා යක්කල ප්‍රදේශවල පදිංචි 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. Read More

Read more

ගංජා සමඟ 1ක් අල්ලයි

කේරළ ගංජා ළග තබාගෙන සිටි පුද්ගලයෙකු මිරිහාන, බැද්දගාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කිරිමේදී සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝ ග්රෑම් 05යි ග්රෑම් 10ක් සොයාගත් බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද(25) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන Read More

Read more

ළදරුවාට මත් පැන් පෙවූ අයෙක් අත්අඩංගුවට

කුඩා දරුවෙකු හට මත්පැන් පෙවූ පුද්ගලයෙකු ඔක්කම්පිටිය, පහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 02යි මාස 09ක් වයසැති දරුවෙකුට මෙලෙස මත් පැන් පොවා ඇති බව පොලීසිය පැවසුවේය. දරුවා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. සැකකරු ඔක්කම්පිටිය ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද(25) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

ළිදෙන් මළ සිරුරක් මතුවෙයි

වාකරේ, අමන්දනාවේලි ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබේ. සිරුර ගොඩගැනීමේදී එයට ගලක් ගැටගසා තිබූ බව පොලීසිය පැවසුවේය. මියගොස් ඇත්තේ කිරිදවේලි, අමන්දනාවේලි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාකි. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(25) දින සිදුකිරීමට නියමිත අතර වාකරේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

වව්නියාවේ මාරාන්තික උපවාසයක්

වව්නියාව ප්‍රදේශයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. අද(24) දහවල් වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ඔවුන් මෙම උපවාසය ආරම්භ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. අතුරුදන්වූවන් සොයා දෙන ලෙස බලකරමින් මිට පෙර ද මොවුන් දින 04ක කාලයක් උපවාසයක නිරත වූ අතර එම අවස්ථාවේ රජය ලබාදුන් පොරොන්දුවක් මත උපවාසය නතර කළ බව උපවාසකරුවන් Read More

Read more

බෝට්ටු අනතුර- බෝට්ටුව පැදවූ පුද්ගලයා 22 තෙක් රිමාන්ඩ්

කළුතර, කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේදී සිදු වූ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ බෝට්ටුව පැදවූ  තරුණයා ඊයේ(23) රාත්‍රී කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්ය. සැකකරු බේරුවල, බෝගල්ල ප්‍රදේශයේ පදිංචි Read More

Read more

මුවෙකු මරා මස් කළ 4ට වැඩ වරදී

පොතුවිල්, සෙන්ගමුව ප්‍රදේශයේදී මුවෙකු මරා මස්කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකායේ ශ්‍රාවස්ත්‍රිවේලී කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි. එහිදී ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදන ගිනි අවියක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 18ක් සමඟ සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගත් තවත් උපරණ Read More

Read more