VAT බදු ඒකාබද්ධ පනත්(2025 දක්වා)
https://www.ird.gov.lk/en/publications/Value%20Added%20Tax_Acts/VAT_Act_No_14%5BE%5D2002(Consolidation_2025).pdf
එකතු කළ අගය මත (VAT) බද්ද
එකතු කළ අගය මත බද්ද 2002 අංක 14 දරණ පනත මඟින් හඳුන්වා දෙන ලද
එය දේශීය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත පනවන ලද බද්දකි.
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා ශ්‍රී ලංකාවේ දේශසීමාව තුල සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම බද්දෙහි විෂය පථයට ඇතුලත් වේ.
මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදී ම වර්ධක අගය මත අයකරනු ලබන විවිධ අදියරයන්ගෙන් සමන්විත බද්දකි.
බද්ද අවසාන වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා විසින් දරනු ලැබේ. එය වක්‍ර බද්දක් වන අතර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම් කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ දී රජයට ලැබේ.
මෙම බද්දෙන් නිදහස් වූ ඇතැම් භාණ්ඩ හා සේවා ද පවතී. ( එකතුකල අගය මත බදු පනතේ I උපලේඛනයේ II කොටසේ දක්වා ඇති පරිදි )
එකතු කළ අගය මත බද්ද සඳහා යටත් වන පුද්ගලයන්
- නිෂ්පාදකයින්
- ආනයනකරුවන්
- සේවා සපයන්නන්
- ටෙන්ඩර් ගිවිසුම් යටතේ භාණ්ඩ සපයන සැපයුම්කරුවන්
- තොග හා සිල්ලර ව්‍යාපාර
- මූල්‍ය සේවා
- ඕනෑම ඉලෙක්ට්‍රොනික වේදිකාවක් (Flat form) හරහා සපයනු ලබන සේවාවන්
ලියාපදිංචි වීමේ අවශ්‍යතාව
යම් තැනැත්තෙකුගේ තොග සහ සිල්ලර වෙළඳාමද ඇතුළුව බදු අයකළ හැකි භාණ්ඩ හෝ සේවා සැපයුම්වල වටිනාකම හෝ මූල්‍ය සේවා සැපයීම හි වටිනාකම කාර්තුවකට රු. මිලියන 15 ඉක්මවා ඇත්නම් හෝ, වර්ෂයකට රු. මිලියන 60 ඉක්මවා ඇත්නම් හෝ 2026.07.01 දින සිට කාර්තුවකට රුපියල් මිලියන 09 වසරකට මිලියන 36 ක් වන අවස්තාවක
ස්වෙච්ඡාවෙන් ලියාපදිංචි වීම
බද්දට යටත් ක්‍රියාකාරකමක් කරගෙන යනු ලබන යම් තැනැත්තෙකුට, ඔහුගේ බද්දට යටත් සැපයුම්වල වටිනාකම ලියාපදිංචි වීමට අවශ්‍ය සීමාවට වඩා අඩු වුවද, ස්වෙච්ඡාවෙන් ලියාපදිංචි වීමේ ක්‍රමය යටතේ ලියපදිංචිය සඳහා ඉල්ලීමක් කළ හැකිය
එකතු කළ අගය මත බදු ප්‍රමාණය
ප්‍රතිශතය බින්දුවක් (0 %) වන භාණ්ඩ හා සේවා
a. අපනයන
- b. අපනයන හෝ මුළු යෙදවුම් වටිනාකමින් සියයට හැටකට (60%) නොඅඩු ප්‍රමාණයක් දේශීය සැපයුම් වලින් ප්රභවය වන්නේ නම්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්, ආගන්තුක නිවාස, ආපනශාලා හෝ සමාන සේවා සපයන අනෙකුත් ඒ හා සමාන ආයතන විසින් සපයන සේවා (2019.12.01 දින සිට 2022.05.31 දින දක්වා) සම්මත අනුප්රමාණය 2024.01.01 දින සිට 18% සහ 20.5%, 2026 ජුලි 01 දින සිට
එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීම
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි ප්‍රාථමික ලිය පදිංචි අංශයෙන් බදු ගෙවන්නා හැඳින්වීමේ අංකය සහ බදු ලියා පදිංචි අංශයෙන් එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචිය හෝ දෙපාර්තමේන්තුවේ ළඟම ඇති ප්‍රාදේශීය කාර්යාලයෙන් ලියාපදිංචිය ලබා ගත යුතුය.
ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය (TPR_005_S) මඟින් අයදුම් කළ යුතුය.
ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කෙරෙන ලියකියවිලි
- TIN සහතිකය
- ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
- සීමිත වගකීම් සහිත සමාගමක් සම්බන්ධයෙන්
- සාංගමික සංස්ථාපත්‍රය සහ සාංගමික ව්‍යවස්ථාවලිය
- අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුව
- සංස්ථාගත කිරීමේ සහතිකය
- ව්‍යාපාරය හිමිකරුගේ/ අධ්‍යක්ෂවරුන්ගේ ජාතික හැඳුනුම් පත් පිටපත්
- පිරිවැටුම සනාථ කිරීම සඳහා විකිණුම් විස්තර සහ මුදල් ලැබීම් සනාථ කිරීම සඳහා මාසික බැංකු ප්‍රකාශ
- අපනයනකරුවෙක් නම් අපනයන අඛණ්ඩව කරනු ලැබූ බවට සනාථ කිරීමේ ලිපි ලේඛණ
- 22( 7) වගන්තිය යටතේ ලියාපදිංචිය සදහා
- ව්‍යාපෘති සැලසුම
- ආයෝජන මංඩලය සමග වූ ගිවිසුම, ඇත්නම්
- දේපළ සම්බන්ධ කුලී හෝ බදු ගිවිසුම
- ආයෝජන මංඩල නොවන ව්‍යාපෘති සදහා අරමුදල් මූලාශ්‍ර තහවුරු කිරීම
- බලාපොරොත්තු වන භාණ්ඩ මිලදී ගැනීම් ලේඛනය
ලියාපදිංචි තැනැත්තෙකුගේ වගකීම්
- ව්‍යාපාරික ස්ථානයේ පැහැදිලිව පෙනෙන/දෘෂ්‍යමාන වන පරිදි ලියාපදිංචි කිරීමේ සහතිකය ප්‍රදර්ශනය කළ යුතුය.
- බදු ඉන්වොයිසි නිකුත් කිරීම (වෙනත් ලියාපදිංචි තැනැත්තන් සඳහා).
- අදාල කාල පරිච්ඡේද සඳහා ගිණුම් පවත්වාගෙන යෑම.
- නියමිත දින හෝ එදිනට පෙර බදු ගෙවා වාර්තා ඉදිරිපත් කිරීම.
- පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් යම් වෙනස්කම් වේ නම් දෙපාර්තමේන්තුව වෙත අප්‍රමාදව දැනුම් දීම.
- හිමිකාරීත්වය
- ව්‍යාපාරික ස්ථානය
- ව්‍යාපාරයේ නම
- ව්‍යාපාරයේ ස්වභාවය
එකතු කළ අගය මත බදු ගෙවීම
- භාණ්ඩ හෝ සේවා සපයන යම් තැනැත්තෙකු හෝ හවුල් ව්‍යාපාරයක්, අදාල මාසය සඳහා වූ ගෙවීම් පසුව එළඹෙන මාසයේ 20 වැනි දින හෝ එදිනට පෙර ගෙවීම් කළ යුතුය.
එකතු කළ අගය මත බදු වාර්තා ඉදිරිපත් කිරීම
නියමිත දිනය :
- එක් එක් බදු අය කල හැකි කාල සීමාව අවසාන වීමෙන් පසු මාසයේ අවසන් දින හෝ එදිනට පෙර
භාරදිය යුත්තේ :
- සියලුම එකතු කළ අගය මත බදු වාර්තා දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ 1 වන මහලේ පිහිටි මධ්‍ය ලේඛන කළමනාකරණ අංශය (CDMU) වෙත භාර දිය යුතුය.