අතීතයෙන් පාඩමක්

බොහෝ සාර්ථක ව්‍යාපාර ඉතා දුෂ්කර මෙන්ම අපරමිත උත්සාහයකින් මෙන්ම අලුත් විදිහකට සිතීමෙන් සාර්ථකත්වය ලගා කරගන්න ලදී. මෙම පූර්වාදර්ශ අප ඉගන ගනිමු. එමගින් බාධක නොසලකා සාර්ථකත්වය කරා අපි යමු.

Uber



වසර 2008 දී ආරම්භක ව්‍යාපාරයක් ලෙස GPS ට්‍රැකින් සිස්ටම් හා මුදල් රහිත ගෙවීම් ක්‍රමවේදය මත සාමාන්‍ය රියදුරන් ස්මාර්ට් දුරකතනකින් සම්බන්ද කොට ටැක්සි සේවාවක් ආරම්භකිරීමේ අදහසකින් සාර්ථක වූ මෙම ක්‍රම වේදය මේ වන විට ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු කොට ඇත.

ආරම්භක නිර්මාතෘවරුන් වන ගැරට් කෑම්ප් සහ ට්‍රැවිස් කලනික් හිම වැටෙන සන්ධ්‍යාවක පැය ගණනක් බලා සිටීමෙන් පසු කුලී රථයක් සොයා ගැනීමේ කලකිරීමෙන් Uber බිහි කළහ. එනම් ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතයෙන් සරල ගමනක් ලබා ගැනීමේ විප්ලවීය පියවරක් ගැන සිතීමට ඔවුන්ට හේතු විය.

adidas

කුඩා ලොන්ඩරි කාමරයක ආරම්භ කොට වර්තමානයේ ලොව ඉහලම සන්නාමයකට පත්වූ අඩිඩාස් සාර්ථකත්වයේ ප්‍රධාන රහස පිලිබදව ඔවුන්ගේ වෙබ් අඩවිය පවසන්නේ ඔවුන් හා ක්‍රීඩකයන් අතර වූ සබදතාවයයි. ඔහු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවී, ඔවුන් පවසන දේට හොඳින් සවන් දී, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩිදියුණු කළ හැකි හෝ සොයා ගත හැකි දේ නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමෙන් නිෂ්පාදන දියුණු කරන ලදී.


ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න